Saturday, January 4, 2014

ඇරඹුම

ඇරඹුම

              භූගෝල විද්‍යාව යනු පුළුල් විෂය ක්ෂේත්‍රයක් වන අතර එය සෑම විෂය කොටසක් සමඟම ඒකාබද්ධ වූ දැවැන්ත විෂය ශික්ෂණයකි. එහි සීමා මායිම මෙතෙකැයි කිව නොහැකිය. ඉතිහාසය, මානව විද්‍යාව, මානව පරිණාමය, පෘථිවියේ සැකැස්ම, පෘථිවියේ උපත, වායු ගොලීය සංයුතිය, ශාක අධ්‍යයනය, සාහිත්‍ය, වාග් විද්‍යාව යනාදී වූ මේ සෑම තේමාවකම පාහේ ආරම්භය භූගෝල විද්‍යානූකූල පදනමක් ඔස්සේ විග්‍රහක කළ හැකිය. මේ සියළුම  භෞතික හෝ සංස්කෘතික සංසිද්ධියක් සිදු වනුයේ භෞම ගෝලය මත පිහිටමිනි. එනම් භුගෝල විද්‍යාව තුළ ප්‍රධාන තේමාවන් දිවෙන ජල ගෝලය, ශිලා ගෝලය, වායු ගෝලය, ජෛව ගෝලය සහ මානව ගෝලය යන අංශයන්ගෙන් සැදුම් ලත් භෞම පද්ධතිය තුළ පිහිටමිනි. මේ නිසා දැවැන්ත විෂය තේමාවක් භූගෝල විද්‍යා විෂය ක්ෂේත්‍රයට සම්බන්ඳවේ. මහා සාගරයක් බදු භූගෝල විද්‍යා විෂය පථයෙන් දැනුම දෝතක් ගවේෂණය කිරීම මාගේ අරමුණය.

No comments:

Post a Comment