Sunday, April 19, 2020

බිංදු ජල සම්පාදනය

ශාකයක වර්ධන සහ ජීව අවශ්‍යතාවයක් ලෙස ජලය කෘෂි කාර්මික බෝග වගාවේ දී ඉතා වැදගත් වේ. ජලය ශාකයක පැවැත්ම තහවුරු කරනු ලබන අත්‍යවශ්‍ය පාරීසරික මූල සාධකයක් වූව ද අධික ජල භාවිතය සහ නියමිත කාලසීමාවේ දී ජලය නොලැබීමේ තත්ත්වයන් බෝග වගාවක වර්ධනය සීමා කරන, අස්වනු ඵලදායීතාවය අවම කරන සහ විටෙක මුලින්ම විනාශකාරී සාධයක් ලෙස ක‍්‍රියාත්මක වේ. කෘෂි බෝග වගාවේ දී සූක්ෂම ජල සම්පාදන ක‍්‍රමවේද සහ ජල කළමණාකර ක‍්‍රමවේද අතර ජල නාස්තිය අවම කිරීම තුළින් ස්වභාවික ශාක වර්ධන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කර ඉහළ අස්වනු ඵලදායීතාවයක් සහිත තිරසර ජල සම්පාදන ප‍්‍රවේශයක් ලෙස බිංදු ජල සම්පාදන (Drip Water Irrigation)  ක‍්‍රමවේදය හ`දුනා ගත හැකිය.

බිංදු ජල සම්පාදන ක‍්‍රමවේදය
බිංදු ජල සම්පාදන ක‍්‍රමවේදය යනු ජලය වඩාත් පිරිමැසුම්දායී ලෙස බෝග වගා කටුයුතු ස`දහා යොදා ගන්නා වියළි කලාපයට යෝග්‍ය සහ කාර්යක්ෂම වන බිම් මට්ටමේ කෘෂිකාර්මික ප‍්‍රවේශයකි. මෙහිදී සැළසුම්කළ නල පද්ධතියක් උපයෝගී කරගනිමින් බෝගයේ මූල පද්ධතිය වටා ප‍්‍රදේශයට අවශ්‍ය වන ප‍්‍රමාණයට පමණක් ඉතා ස්වල්ප ලෙස (බිංදු ආකාරයෙ) න්දිනකට ප‍්‍රමාණවත් වන ජල පරිමාව ලබා දීම සිදු කරයි.

විශේෂයෙන්ම පීඩනයකට ලක් කරන ලද නල පද්ධතියක් හරහා ජලය බෝග වෙත ල`ගා වන අතර නලයේ ඇති කුඩා නොසලය සහිත සිදුරු ම`ගින් පාලිත පීඩනයක් යටතේ බිංදුවෙන් බිංදුව ජලය බෝග සහිත ක්ෂේත‍්‍ර භූමියට වැස්සීම සිිදු වේ. මෙහිදී ප‍්‍රධාන නලය ඔස්සේ ජලය බෝග සහිත ක්ෂේත‍්‍රයට ලබා දෙන අතර පාර්ශවික නලයන් ම`ගින් ජල විසර්ජක (Sprink Irrigation)  වලට ජලය ලබා දේ. මෙහිදී නල පද්ධතිය ම`ගින් ජලය සැපයෙන කලාපයේ බෝග සිටුවීමත් බිංදු ජලයෙන් තෙත් වන බෝග සහිත පටු තීරුව ි තෙත් වූ පටියී (Wetting Belt) ලෙස හ`දුන්වයි.
මෙහිදී භූමිය මත ඇති ක`ද සහිත බෝග වගාවන්ට මෙන්ම වැල් වර්ගයේ ශාක ස`දහා ද ර`දවනයන් සහ ආධාර උපයෝගී කරගනිමින් බිංදු ජල සම්පාදන ක‍්‍රමය යටතේ ජලය පරිවහනය කළ හැකිය. හූමියේ ස්වභාවය පිළිබ`ද වඩාත් සැළකිල්ලට ලක් කර මෙම බිංදු ජල සම්පාදන නල පද්ධතිය ඇතිරීම සිදු කරයි.

සරල බිංදු ජල සම්පාදනයක ආකෘතිය සහ එහි පියවර

බිංදු ජල සම්පාදනය කෘෂිකාර්මික කටයුතු වලදී ජලය වඩාත් කාර්යක්ෂම සහ අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීම ස`දහා වාඩාත් ඵලදායී ප‍්‍රවේශයක් වන අතර ඉතා සරලව මෙය වගා භූමියකට සවි කිරීම සිදු කළ හැකිය.


භූමිය මත නල පද්ධතිය ඇතිරිය හැකි ලෙස කෘෂිකාර්මික උපදේශනයන්ට අනුව සුදුසු පරතරය සහිතව කාණු සකස් කිරීම සිදු කළ යුතුය. එයට සමගාමීව ජල නල ඇතිරීම ඉන් පසු සිදු කරයි. එහිදී නිර්දේශිත උපදෙස් සහිතව සිදුරු සකස් කරන ලද නල භාවිතා කරයි. ඉතා සූක්ෂම ලෙස තෙතමනය ලැබෙන ස්ථානය සහිත ක්ෂේත‍්‍රය වන තෙත් වූ පටියී ’ (Wetting Belt)  ආශ‍්‍රිතව බෝග වගා කළ යුතු ස්ථාන හ`දුනාගත යුතුය. බෝග  වර්ධන වන මුල් කාලයේ සිට නියමිත කෘෂිකාර්මික උපදෙස් සහිතව ජලය ලබා දිම සිදු කළ හැකි අතර එම ජලය සම`ග මිශ‍්‍රිත රසායනික පොහොරද ක්ෂේත‍්‍රයට එකතු කිරිම ඉතා පහසුවෙන් සිදු කළ හැකිය, ක්ෂේත‍්‍ර සෘජුව පොහොර යෙදීම නිසා 25‍්‍ර ක පොහොර ප‍්‍රමාණයක් ඉතිරි වේ.


අභියෝග සහ අවධානය යොමු කළ යුතු කරුණු 

බිංදු ජල සම්පාදන ක‍්‍රමවේදය භාවිතා කරමින් ඵලදායී අස්වැන්නක් ලබා ගැනීමටත් කාර්යක්ෂම කෘෂි බෝග වගාවක් සිදු කරගෙන යාමටත්  ක්ෂේත‍්‍රයකට ජලය සැපයීමේ දී කෘෂි ගොවියා මුහුණ දෙන අභියෝග කිහිපයක් වන අතර එහිදි සැළකිළිමත් විය යුතු කරුණු කිහිපයක් පවතී. 

x බිංදු ජල සම්පාදන කට්ට්ල විවිධ ප‍්‍රමාණ වලට සරිලන සේ මිළදී ගත හැකි අතර එහිදී මඩ සහිත ජලය භාවිතා කිරීම නුසුදුසුය. පිරිසිදු ජලය භාවිතා කිරීම නිසා නල පද්ධතියෙහි සවි කර ඇති නොසල වල මඩ සහිත ද්‍රව්‍ය රැුදී ජල පරිවහනය අකර්මන්‍ය වීම වළක්වයි.

x මෙවැනි පද්ධතියක් සවි කිරීමට පෙර ජලයේ ගුණාත්මකතාවය, පැළ වල ජල අවශ්‍යතාවය, පසේ තත්ත්වය, දේශගුණයේ බලපෑම වගා කරන ලද කාලසීමාව ආදී බෝග වගාව පිළීබ`ද භෞතික කරුණු පිළිබ`ද අවබෝධයක් සේම සැළැස්මක් සකසා ගත යුතු අතර එහිදී කෘෂිකාර්මික උපදෙස් මත කටයුතු කළ යුතුය. 

x බෝග ක්ෂ්ත‍්‍රයක ඇති සෑම පැළයකටම එක සමානව ජලය සැපයෙන පරිදි පීඩනය පාලනය වන උපක‍්‍රමයක් මෙහිදී උපයෝගි කරගෙන ඇති නිසා  කුඩා සිදුරු ඇසුරින් ජල බිංදු පිට කිරීමට ඉතා සරල උපකරණ වන ජල පොම්පයක් භාවිතා කිරීමට හෝ උස් ස්ථානයක ජලය සහිත බ`දුන් තබා ගුරුත්වාකර්ෂණයෙන් පීඩනය වැඩි කිරීමට හෝ කටයුතු කළ හැකිය.

x බිංදු ජල සම්පාදනයේ දී සාම්ප‍්‍රධායික කෘෂී ගොවියා මුහුණ දෙන තවත් එක් අභියෝගයක් නම් නල ම`ගින් පීඩනයක් සහිතව ජලය සැපයීම ස`දහා විදුලිය හෝ ඉන්දන භාවිතා කිරීමට සිදු වීමත් ඒ ස`දහා අධික මූල්‍ය පිරිවැයක් යෙදීමට සිදු වීමත්ය. දැනට ඇස්තමේන්තු ගත තොරතුරු සහ දත්ත් අනුව අක්කර භාගයක භූමියකට මෙම පද්ධතිය ස්ථානගත කිරීමට රුපියල් 2500ක වියදමක් විදුලිය හෝ ඉන්දන ස`දහා වැය කිරීමට සිදු වේ. නව තාක්ෂණය හා තව තවත් දියුණුවට පත් වී ඇති මෙම පද්ධතිය සූර්ය කෝෂ ම`ගින් ජනනය වන ශක්තිය ඇසුරින් ක‍්‍රියාත්මක කළ හැකිය.


මෙහිදී විවෘත පරිසරය ම`ගින් ලැබෙන සූර්ය ශක්තිය, සූර්ය කෝෂ ම`ගින් අවශ්‍ය ශක්තිය හා පීඩනය ගබඩා කර එය ජල පොම්පය පණ ගැන්වීමට යොදා ගනී. සාමාන්‍ය සූර්යාලෝකය පතත වන දිනක දී 43ග5  වොල්ටීයතාවයක් සහ 4ග75 ක ඇම්පියර් ධාරිතාවයක් නිප`දවයි. සූර්යාලෝකය 30‍්‍ර 50‍්‍ර ඇති දිනක දී වූවද මෝටරය ක‍්‍රියාත්මක කළ හැකි වීම විශේෂිතය. මේ නිසා කෘෂි නිෂ්පාදන පිරිවැය වඩාත් ආකර්ෂණීය ලෙස අවම කර ගත හැකිය.


බිංදු ජල සම්පාදන ක‍්‍රමවේදයේ ප‍්‍රයෝජන

x ජලය අඩු ප‍්‍රදේශ ස`දහා ඉහළ ඵලදායීත්වයකින් යුතු ප‍්‍රවේශයක් වීම.

වර්ෂාව ම`ගින් ලැබෙන ජලය ප‍්‍රමාණවත් නොවන අවස්ථාවන් හී දී මෙන්ම ජලය අඩු වියළි කලාපීය වගා ක්ෂේත‍්‍රයන් ස`දහා මෙම ජල සම්පාදන ක‍්‍රමවේදය ඉතා ප‍්‍රයෝජනවත්ය. ජලය නිසි කළමණාකරණයකට යොමු කරමින් ස්වල්ප වශයෙන් :බිංදු ලෙස* ශාකයේ මූල පද්ධතිය වෙතම යොමු කරන බැවින් අඩු ජල ප‍්‍රමාණයකින් වැඩි ඵලදායීතාවයක් ලබා ගත හැකිය.

x ජල උපයෝජන කාර්යක්ෂමතාවය ඉහළ වීම.
පිටාර ජල සම්පාදනයේ දී ජල උපයෝජන කාර්යක්ෂමතාවය 50‍්‍ර ත් 70‍්‍ර අතර වන අතර මේ නිසා විශාල ජල ප‍්‍රමාණයක් අපතේ යයි. නමුත් බිංදු ජල සම්පාදන ක‍්‍රමයේ ජල උපයෝජන කාර්යක්ෂමතාවය 90‍්‍රකට වඩා වැඩිය. මේ නිසා ජලය කාර්යක්ෂම ලෙස වගා භූමින් ස`දහා යොදා ගත හැකිය. බේසම්, කාණු සහ ලියැදි ම`ගින් ජල සම්පාදනයේ දී සිදු වන ජලය අපතේ යාම වළක්වා ගැනීම ස`දහා මෙය ඉතා වැදගත් ප‍්‍රවේශයකි.
x සාම්ප‍්‍රධායික ජල සම්පාදන ක‍්‍රමවේද වලට වඩා බිංදු ලෙස ජලය ලැබීමේ දී පසට හා ඉන් පසු ශාක වල මූල පද්ධතියටම ජලය උරා ගැනීම පහසු කරවයි. මේ නිසා සරු බෝග වගාවක් පවත්වාගෙන යාම තැුළින් ඉහළ අස්වැන්නක් සහ ඵලදාවක් ලබා ගත හැකිය.

x කෘෂිකාර්මික බෝග නිෂ්පාදන පිරිවැය අවම කිරීම.
සාමාන්‍ය ජල සම්පාදන ක‍්‍රමවේද ස`දහා විශාල පිරිවැයක් යෙදීමට ගොවි මහතුන්ට සිදු වේ. විශේෂයෙන්ම ඉන්දන, විදුලි බලය සැපයීමට වැඩි මූල්‍යමය පිරිවැයක් දැරිය යුතු වේ. විශේෂයෙන්ම සූර්ය කෝෂ භාවිතා කරමින් සිදු කරන බිංදු ජල සම්පාදන ක‍්‍රමවේදය තූළ සාම්ප‍්‍රධායික ගොවියාගේ මුදල් සැළකිය යුතු ප‍්‍රමාණයක් ඉතිරි කරයි.

x කාලය සහ ශ‍්‍රමය ඉතිරි කිරීම. 
විශේෂයෙන්ම එකවර නියමිත මාත‍්‍රාවට දිනකට ලැබිය යුතු ජල ප‍්‍රමාණය ක්ෂේත‍්‍ර භූමියට ලබා දීමට හැකි නිසා කොටස් ලෙස සිදු කරන සාමාන්‍ය ජල සම්පාදනයට යන කාලය සහ ශ‍්‍රමය ඉතිරි වේ. එමෙන්ම බෝග වලට අවශ්‍ය ප‍්‍රමාණයට අනුවකෙටි කාල අන්තරයක් ඇතුළත ජලය සැපයිය හැකි නිසා ක්ෂේත‍්‍ර්‍ය තුළ ප‍්‍රශස්ත තෙතමනයක් පවත්වාගෙන යා හැකිය. මේ නිසා කෘෂි කාර්මික කටයුතු ස`දහා යොදන කාලය සහ ශ‍්‍රමය මෙම ප‍්‍රවේශය හරහා ඉතිරි කළ හැකිය.

x බිංදු ජල සම්පාදන ක‍්‍රමවේදය භාවිතා කරමින් රසායනික පොහොර යෙදීම ද සිදු කළ හැකි වීම විශේෂ වාසියකි.

x බිංදු ජල සම්පාදන පද්ධතිය කෘෂි කාර්මික වගා භූමියට වඩාත් පහසුවෙන් ස්ථානගත කළ හැකි වීම.