Monday, May 19, 2014

සංචාරක ආකර්ෂණය දිනු විරල ස්ථාන -1

දිව්‍ය ලෝකයේ දෙරටුව / The Tianmen Cave  (චීනය.)


       මේ ඉතාම සුන්දර තැනක්. මේ ලෝකේ තියෙන සෑම සියළු දෙයක් සඳහාම නීතියක් ක්‍රමයක් හදන්න අමාරුයි. එක දෙයක් සිද්ධ වෙන්න තවත් සිද්ධි රාශියක් බලපානවා. සමහර විරල සිද්ධි නිති රීති වලට හසු නොවි හුදකලා වෙන්නේ ඒ නිසා. මේ වගේ විරල දේවල් දන්න මිනිස්සු නම් බලන්නවත් යනවා. නොදන්න අපි මෙහෙම කියවලා හරි දැන ගන්න ඕනා. මේ ස්ථානයේ භූ රෑප විද්‍යාත්මක සැකැස්ම ගැන මගේ නිගමනය වෙන්නේ දඹය ආශ්‍රීත සුළං ඛාදනය නිසා මේ කපොල්ල නිර්මාණය වෙන්න ඇති කියන එකයි. මේ වගේ භූ රෑප හැදෙනවා නේ වෙරළ ඛාදනය නිසාත්. (බලන්න වෙරළ ඛාදනය ගැන ලිපිය.)  මේ තැන වඩාත් සුන්දර තැනක් කියලා මට හිතුණේ තෙළිඟු චිත්‍රපටයක් තිබෙනවා රාම්චරන් සහ කාජල් අග්‍රවාල් රඟපාන "මගධීර්" (magadheera ) කියලා.  මේ චිත්‍රපටය ආත්ම 2ක ආදර කතාවක්. චිත්‍රපටි කියන්නේ අපි වගේ අයට ලෝකේ තියෙන භූ රෑප බලන්න තියෙන එක්තරා මාධ්‍යයක් නේ (භුගෝලය කරන අය පසුතලයේ ඇති දර්ශන ගැන අවධානය යොමු කරන්න ඕනා. ) එකේ තියෙනවා එක් ප්‍රධාන භු රෑපයක්. පහල රෑපයෙ තියෙන්නෙ ඒ රෑපය. ඒක නිර්මාණය කරපු එකක් මිසක් ඇත්ත එකක් නෙවේ.

              මං චිත්‍රපටය බලපු මුල් කාලේ හිතුවා මෙහෙම භු රෑපත් තියෙනවා නේ දෙයියනේ කියලා. එත් ඉතිං පස්සේ දැනගත්තා ඒක චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු පසුබිමක් කියලා. කො‍හොම උනත් මේ තැන දැක්කාම මට මතක් උනේ ඒ භූ රෑපය යි. මේ තියෙන්නේ සැබෑම ලෝකේ පිහිටි තැනක්.... ස්වභාවික නිර්මාණයක්.
   


Heavens Gate China


             මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ චීනයේ northern Hunan පලාතේ Dayong (city of Zhangjiajie) කියන නගරයට කිලෝමීටර් 7ක් 8ක් විතර දුරින්. ටියේනේම් (Tianmen Mountain) කන්ද මුල් කරගෙන තමයි මෙය දකින්න ලැබෙන්නේ. මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 ත් 10 ත් අතර අගයක් ගන්නා බව සදහන්. ‍පේනවා නේ යන්න තියෙන පාර... කිලෝ මීටර් 11 ක් දිග මේ පාර උස මිටර් 200න් පටන් අරන්  මීටර් 1300ක් උඩ ගමනාන්තය දක්වා විහිදෙනවා.චීන යූවෑන් මිලියන දහසක් වියදම් කරමින්  මේ පාර හදන්න වසර 5ක් ගිහිල්ලා තියෙනවා. ලෝකයේ තියෙන දුෂ්කරම / පුදුමාකාර කඳුකර මාර්ග අතරින් එකක් ලෙස සැලකෙනවා.

2(118)
                ප්‍රදේශය ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුතුයි. වසර දහස් ගණනක් පැරණි ශාක වැස්මකින් යුතු අතර වෘක්ෂලතා විශේෂ 1000 පමණ හා සත්ත්ව  විශේෂ 500ක් පමණ වාසය කරන ජෛව විද්‍යාත්මක අතින් වටිනා ප්‍රදේශයක්. ඒ කියන්නේ ප්‍රාථමික වනාන්තර සහිත  ප්‍රදේශයක්.

Heavens Gate China
         කන්ද ආශ්‍රීතව එහි මුදුනේ පන්සලක්/ ආරාමයක් (The Tianmenshan temple) ඇති බවත් එය ආධ්‍යාත්මික සුව සහනය පිණිස වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහාත් ආරක්ෂිත ජිවිතයක් සඳහාත් වන්දනාමාන කළ හැකි තැනක් බවත් සඳහන්. 1992 ජුලි මාසයේ දි එරට ජාතික උද්‍යානයක් ලෙසත් සංචාරක ගමනාන්තයක් ලෙසත් නම් කර තිබෙනවා. ඒයින් අනතුරුව සංචාරක ගමනාගමන පහසුව තකා කේබල් කාර් පද්ධතියක් පවා මේ ප්‍රදේශයේ ඇති කර තිබෙනවා. අන්තර් ජාලයේ ඇතමෙක්ගේ සටහන් අනුව මේ කේබල් පද්ධතිය ලෝකයේ දිගුම කේබල් කාර් පද්ධතියද වනවා. එය දිගින් මීටර් 7455 ක්. ෂියැන්ජියෑන්ජි නගරයේ සිට 'එල්ලෙන උයන' (බොන්සායි ශාක සහිත උද්‍යානයක් කන්ද මුදුනේ පිහිටා තිබෙනවා)නම් මුදුන දක්වා කේබල් කාර් මාර්ගය විහිදෙනවා.

3(114)


Heavens Gate China

ආයෙත් මේ තේමාවෙන්ම ලියන්න හිතන නිසා අංක කරා. මේ පළමු වැන්නයි. තවත් තැන් තිබෙනවා... අපි ඒ ගැනත් ටිකෙන් ටික ලියැවෙන පරිදි කියවමු.

එහෙනම්,   සුබ දවසක් !

තොරතුරු:
තොරතුරු සේම පිංතුර  අන්තර්ජාලයෙනි.

http://forum.xcitefun.net/heavens-gate-china-t77168.html

http://techandfacts.com/heavens-gate-mountain-zhangjiajie-city-china/