Monday, August 22, 2016

කොලොම්පුරෙන් යාල් පානමට......වතුර බිඳක් සොයා....


ඉන්දියන් සාගරයෙන් බොහොම පුංචි ඉඩක් ගත්ත ශ‍්‍රී ලංකාව සුන්දර දිවයිනක් බව අපි හැමෝම දන්නා කාරණයක්. නමුත් භූගෝලීය වශයෙන් ලෝකයේ විවිධ රටවලට සංචාරය කරමින් අත්දකින එකිනෙකට වෙනස් ස්වභාවික සුවිශේෂිතා :දාහරණයක් ලෙස වැස්සශීත දේශගුණයඋණුසුම් දේශගුණයසාගරයවනාන්තර මේ සියළුම අංගයන්* එකම රටක අත්විඳින්නට තරම් ශ‍්‍රී ලාංකික අප වාසනාවන්තයි. එහෙව් අපි ලංකාවෙන් කොයි තරම් කොටසක් අපේ දෑසින් දැක ඇත්දැයි යන්න නිර්ණය කිරීමට මා ඔබට භාර දෙනවා. මේ කියන්නට යන්නේද එවැනි කථාවකි. මගේ ජීවිත කාලය තුළ පළමු වතාවට මා සාක්ෂ්‍ය දැරු සුන්දර යාල්පානම” එහෙමත් නැතිනම් ඉතිහාස කථා රාශියක් පට බැඳුණු ශ‍්‍රී ලංකාවේ උතුරු කොණෙහි පිහිටි යාපනය අර්ධද්වීපය” දැක බලා ගන්නට මට අවස්ථාවක් ලැබුණා.

නිළ රාජකාරීමය කටයුත්තක් සඳහා නියමව පැවති යාපන ක්ෂේත‍්‍ර නිරීක්ෂණය සහ වැසිදිය ව්‍යාපෘතිය හේතුවෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා (2016.05.12* දින උදෑසන 5.40 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මා රාජකරී කරන ආයතනයේ නිළධාරිනියක් ද සමග යාපනය දක්වා දිවෙන පළමු ශීඝ‍්‍රගාමී දුම්රියෙන් අපේ ගමන ආරම්භ කළේය. උද්‍යෝගකාරී දිනක ආරම්භය පසක් කරමින් තත්පරෙන් තත්පරයපැයෙන් පැය පසුකරමින් දහවල් 12.30 ඇරඹෙන මොහොතත් සමඟම එකින් එක අභිබවා අහසට නැ`ගුණු කොන්ක‍්‍රීට් කණු වලට සමුදෙමින් තල් සුවඳින් හැඩවුණ ඔවුන්ගේ සමාජ ජීවිතය දකින්නට අප සමත් වීමු. පහත සිතියම අප ගමනාන්තය දක්වා රැගෙන ගිය දුම්රිය මඟ සළකුණු සහ කයිට්ස් ග‍්‍රාම නිළධාරී වසමය.



 

ඒ මා යාපනයට පය තැබූ පළමු මොහොත විය. මා අත්දැක ඇති පරිසරයට හාත් පසින්ම වෙනස් පාරිසරික සහ සමාජ ආර්ථික පසුබිමක් යාපනය සතු විය.
යාපනය බොහොම සාම්ප‍්‍රධායික දමිළ ජන සමාජයන් වෙසෙන තවමත් නොයිදුල් ප‍්‍රදේශයක් වන අතර නළලත පොට්ටුවකින් සැරසුන කාන්තාවපාද සළමසාරියඔවුන් තව දුරටත් හැඩ කරවූ පැළ`දුම් විය. පිරිමි පාර්ශවය අතර සරම පොදු දසුනක් විය. සාමාන්‍ය ශ‍්‍රී ලාංකික තළඑළළු පැහැයට වඩා තරමක් තද තළඑළළු බව පරිසරයෙන් ඔවුන් ලද ජීව විද්‍යාත්මක ලක්ෂණයකි. පා පැදිය කාන්තා පිරිමි දෙපාර්ශවයේම වයස් භේදයකින් තොර ජනප‍්‍රිය පොදු වාහනය විය. යාපනය ප‍්‍රධාන දුම්රියපොළට ආසන්නව යාපනය මධ්‍යම රෝහල පිහිටා තිබීම මිනිසුන්ට වඩාත් අස්වැසිල්ලක් සේ මම දකිමි. යාපනය නගරය තුළ මා දුටු තවත් එක් සුවිශේෂී අංගයක් වූයේ එය නාගරික ආර්ථික සහ වානිජ කලබලකාරීත්වයෙන් තොර සම්ප‍්‍රධායෙන් සන්සුන් වූ නාගරික භූමි ප‍්‍රදේශයක් වීමය. දුම්රිය පොලේ සිට අප නවාතැන් ගැනීමට නියමිතව තිබූ තානායම දක්වා වූ මාර්ගය දෙපස රාජ්‍ය ගොඩනැගිලි සහ ඉදිකිරීම් දදේවස්ථානසාමාන්‍ය ගෘහ භූමිසුළුවෙන් පවත්වාගෙන යන වෙළ`දසැල් වලට වෙන් වී තිබුණු අතර එය හුදෙක්ම නාගරීකරණයෙන් මිදුණු ස්වභාවයක් දිස් විය. නමුත් මා දැනගත් පරිදී ප‍්‍රධාන වෙළඳසැල් සහ අනෙකුත් වානිජ්‍ය ආර්ථික කටයුතු නගරයෙන් වෙනම ස්ථානයක එකම තැනෙක ස්ථානගතව පැවතින අතර එම වෙළ`දසැල් සහිත නාගරික සීමාව නිරන්තරයෙන් සාමාජ අවශ්‍යතා සහ මිනිසුන්ගේ ජීවන ශෛලය විදහා දක්වන කරුණු රාශියක් කැටපත් කරන කැඩපතකි. නමුත් කාල වේලාව බොහොම සීමිත වූ බැවින් අපට එය නැරඹිමට අවස්ථාවක් නොලැබුණි.




ප‍්‍රදේශයේ නිවාස බොහෝමයක් ඉඩක සහිත විශාල මිදුලක් සහිත වූ අතර පොදුවේ තල් කොළ සෙවිළි කළ වහළයතල් අතු සහ කටු ශාකමය තාප්ප දක්නට ලැබිණ. ඉතා සරල සම්ප‍්‍රධායික ගැමි නිවාස ලක්ෂණ මෙහි දක්නට ලැබිණි.





                                



පරිසර දරිද්‍රතාවය විදහා දැක්වු ප‍්‍රධාන භූගෝලීය සාධකය වූයේ ජල හි`ගය වන අතර එය උග‍්‍ර සමාජ සහ ආර්ථික ගැටළු ගණනාවකට පසුබිම් වූවක් විය. විශේෂයෙන්ම යාපන අර්ධද්වීයේ මතුපිට පෘෂ්ඨය පුරාම විහිදී ඇති හුණුගල් තීරුව ජලය සම`ග දිය වී යාමත් සමගම විශාල ඇළි මුහුදට විවෘත වීම සිදු වේ. මේ නිසා ගොඩබිම් ජල මූලාශ‍්‍ර සම`ග මුහුදු ජලය මිශ‍්‍ර වන අතර  ජනතාව භූගත ජලය වැඩි වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා තරමට ඒ හා සමානව මුහුදු ජලය සාමාන්‍ය ජලය සමග මිශ‍්‍ර වන බව හෙළි වී ඇත. අතීතයේදී යාපනයේ වැසියන් ආඬියා මැනීමේ‘ ළිං ක‍්‍රමයට අයත් ජල සම්පාදන ක‍්‍රමයකින් ජලය ලබාගත් අතර එම ක‍්‍රියාවලියේදී නිතරම ජලය කැලඹීමක් සිදු වූ බැවින් ජලය පිරිසිදු විය. එකල සීමිත ජන සංඛ්‍යාවක් වූ බැවින් ගැඹුරු ජලය සොයා යාමට අවශ්‍යතාවක් ද නොතිිබිණ. නමුත් අද වන විට එහි ජන සංභ්‍යාව සැළකිය යුතු මට්ටමේ සිටින අතර ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයට 630ක් පමණ වේ. එමෙන්ම ජලය ප‍්‍රධාන පාරිසරික සංරෝධකය ජලය වූ අතර මෙලින්ජිමුනෙයි සහ අනලතිවු ග‍්‍රාම නිළධාරී වසම් දෙකෙහිම ජල ළිං හාරන ලද වළවල් වල ස්වභාවයක් ගත්තේය.







                               
බොහෝ අවස්ථාවන් හීදී ළිංදෙහි මතු පිට ජල ස්ථරය ඇල්ගී හෝ වෙනත් ශාක නැතිනම් ද්‍රව්‍ය වලින් වැසී ගිය අවස්ථා දක්නට ලැබිණි. ප‍්‍රදේශයේ ජනතාවගේ මතය පරිදී එවැනි ඇල්ගී හෝ ශාක ද්‍රව්‍ය ඔවුන් ඉවත් නොකරන්නේ එය ආවරණයන්ගේන් තොර ළිං හී ජලය ආරක්ශා කරන මතුපිට පටලයක් සේ ක‍්‍රියාත්මක වන බැවිනි. පහත ඡුායාරූප ම`ගින් පෙන්වා දී ඇත්තේ අනලතිවු හී දී මිනිසුන් පරිභෝජනයට ගන්නා පොදු ළිං දෙකකි.





                                  
ජලය මිනිසුන්ගේ ප‍්‍රධාන ජීවන අවශ්‍යතාවය මෙන්ම ආර්ථික කටයුතු පවත්වාගෙන යාම ස`දහා ද වඩාත් අත්‍යවශ්‍ය වන භෞතික සාධකයකි. ආර්ථික කටයුතු වශයෙන් මූලිකව කෘෂි කර්මාන්තය මෙම ප‍්‍රදේශ දෙකෙහිම දක්නට ලැබුණි. මූලිකව වගා කරන භෝග ලෙස වී සහ අතුරු වගා ලෙස මිරිස්එළවළුපළතුරු මෙන්ම කුඩා පරිමාණයෙන් ලූණූ සහ දුම්කොළ දක්නට ලැබේ. කෘෂිකාර්මික කටයුතු ස`දහා ලැබෙන වර්ෂා ජලය ප‍්‍රමාණවත් නොවන අතර භූගත ළිං ම`ගින් ජලය ලබා ගැනීම ස`දහා ද ප‍්‍රමාණවත් ජල පහසුකම් මේ ප‍්‍රදේශයේ දක්නට නැත. අවුරුද්දේ දිගු කාලයක් ප‍්‍රදේශය පුරා පවතින නියං තත්ත්වය දලවණිකරණය වූ පස දහුණුගල් තීරය වැනි භූගෝලීය සාධක අවකාශීය ජල පෝෂක බවට දැඩි බලපෑම් එල්ල කරයි. මේ නිසා ජලය මෙම ප‍්‍රදේශ දෙකෙහිම ජන ජීවිතයට බලපෑම් එල්ල කරන ප‍්‍රධාන භෞතික කරුණකි. වගා කටයුතු ස`දහා අවශ්‍ය ජලය තිරසර ජල කළමණාකරණ ප‍්‍රවේශයක් යටත් බිංදු ජල තාක්ෂණය (Drip Water Irrigation) යටතේ ජල විසර්ජක (Sprink Irrigation) මගින් වගා ක්ෂේත‍්‍ර භූමියට ජලය පරිවහනය කිරීමේ යාන්ත‍්‍රික තාක්ෂණය මොවුන් සතු වූවා නම් වගා කටයුතු ආශ‍්‍රිතව පවතින ජල අර්බුදය අවම කරන වඩාත් කාර්යක්ෂම ප‍්‍රවේශයක් වනු ඇත.



                  
වගා කටයුතු වලට අමතරව එහි ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රධාන ආර්ථික කටයුතු ධීවර කර්මාන්තය හා බැ`දී පවතී. ධීවර කර්මාන්තය සැළකු විට කිලෝමීටර 45ක් දිග මුහුදු වෙරළ තීරයක ධීවර පවුල් 3900 ක් පමණ ජීවත් වේ. ධීවර කර්මාන්තය හා සම්බන්`දිත විවිධ ආර්ථික කටයුතු වන කකුළුවන්වියළි මාළු,  දැල්ලන්ඉස්සන් සහ විවිධ මුහුදු වගා ව්‍යාපෘති ආදිය ක‍්‍රියාත්මක වනු දක්නට ලැබේ.



  
සමාජ හැඩතල නිරූපණය කරන තවත් වැදගත් සංස්කෘතික අංගයකි ප‍්‍රදේශයක ආහාර පාන සම`ග බැදී ඇති වත් පිළිවෙත්. එය මා මෙතෙක් පෝෂණය කළ ආහාර වලට වඩාත් වෙනස්ම වූ අත්දැකීමක් වූ අතර සෑම ආහාරයකම අඩංගු වී ඇති සූදුරු සහ උළුහාල් රසය ආහාර වේල තුළ වූ විශේෂත්වයකි. තෙදිනක සාමාන්‍ය ආහාර වේල් අතරට පූරිමෝදහම්තල් පිනාටු වැනි ආහාර වර්ග ද  එකතු විය. මෙහිදී දෙවන දිනය අප ගත කළ අනලතිවු දහවල් ආහාර වේල ඉතා විශේෂ වූවක් විය. අනලතිවු හී අයියර්කෝවිලෙහි උත්සව සමය වූ අතර එදින කොවිලෙහි උත්සවයට විශේෂිත දිවා ආහාර අප ලබා ගතිමු. එය මාගේ ජීවිත කාලයටම මා අත් වි`දි වඩාත් සුවිශේෂීම අත්දැකීමක් විය. සාමාන්‍ය ව්‍යවහරයෙන් අප අත්දැක ඇති දන්සලකට සමාන වූවද එය ඊට හාත් පසින්ම වෙනස් වූත් සාම්ප‍්‍රධායික පිළිවෙත් ගණනාවක් දක්නට ලැබිණ. පේළි හතරකට බෙදුණු බිම හි`ද ගත් සියයකට අධික බැතිමතුන් පිරිසකගෙන් යුතු විශාල ශාලාවක බිම හි`දගත් අපට පලමුව වියළි කෙසෙල් කොළයක් ද ඊට පසු රතු හාල් බත්පරිප්පුසෝයා මීට් සමග බෝංචිබටු ව්‍යංජනය සහ පපඩම් එකින් එක අප ඉදිරියෙහි වූ කෙසෙල් කොළයට බෙදා දිණ. දිවා ආහාර වේලෙහි අවසානය අංගය වූයේ  වියළි මිදි මිශ‍්‍ර සව් කෝප්්පය ය. එම දිවා වේල නිම කළ යුතු සාම්ප‍්‍රධායක්ද එහි විය.

   
කෙසෙල් කොලය මත බෙ¥ දිවා ආහාරය සම්පූර්ණයෙන්ම ඉවර කළ පසු එම කෙසෙල් පත මතට සව් කෝප්පයෙහි වූ සව් දමා එය තමන්ගේ අතින් ආහාරයට ගත යුතු වීමය. එය මා මීට පෙර අත් නොදැකපු සහ අත් නොවි`දි අත්දැකිමකි. බොහොම සරල ආහාර වේලක් වූවද එය රසයෙන් නම් සරල වූවක් නොවීය. සෑම ව්‍යංජනයක්ම පාහේ ආහාරයෙහි රසය වඩාත් වැඩි කළ අතර අවසාන සව් පානය දිවා භෝජනයට රසය තව තවත් එකතු කළේය. ඉන් පසු අපට  Panchamirtham” අතුරුපස ලබා දුන්නේය. එය යාපනයේ වැඩෙන පලතුරු ගණනාවක එකතුවකි. එහි අඹඅන්නාසිරටඉ`දි වැනි පලතුරු මෙන්ම වරකා සමග පැණි අඩංගු කළ රසයෙන් ඉතාමත්ම ප‍්‍රණීත වූවකි. අවසාන වශයෙන් යාපනයේ දිවා ආහාරයනුපුරුදු රස ගණනාවක පෙර කවර දිනකදී වත් නොදැකපු ප‍්‍රණීත බවක් මා දුටිමි.

මෙවැනි ආර්ථික සහ සමාජ පසුබිමක් මෙලින්ජිමුනෙයි සහ අනලතිවු ප‍්‍රදේශ දෙකෙහි දක්නට ලැබුණු අතර දෙවැනි දින අප නිරීක්ෂණය කළ අනලතිවු දූපත ස්වභාවික සුන්දරත්වයෙන් අනූන දිවයිනකි. අනලතිවූ වෙත ල`ගා වීමට ඇති එකම මාර්ගය වන්නේ මුහුදු මාර්ගය වන අතර ඒ ස`දහාම වෙන්වූ බෝට්ටු සේවාවක් ද වේ. එය කයිට්ස් ¥පතෙහි සිට විනාඩි 45ක පමණ මුහුදු ගමණක් වූ අතර අපට හුරුපුරුදු බස්රථ ගාලක් වැනි ස්ථානයක අනලතිවු වැසියන් අනෙක් ¥වට යාමට එහි සෙවණට වි සිටී. එම බෝට්ටුව මතින් මිනිසුන් පමණක් නොව ¥පතෙහි වැසියන්ට අවශ්‍ය සියළුම ආහාර ද්‍රව්‍ය සේම ප‍්‍රදේශයේ අභ්‍යන්තර ගමනාගමනයට ඉතාම අඩු බස් රථ සේවාවක් පවතින බැවින් මෝටර්සයිකල්ත‍්‍රීවිල් වැනි වාහන රැගෙන ඒම දක්නට ලැබේ. අපේ නිරික්ෂණ කටයුතු ස`දහා අපි ද ත‍්‍රීරෝද රථයක සහය ලබා ගතිමු.
                 





               දහවල උණුසුම ප‍්‍රදේශයේ කටුක ස්වභාවයක් ගෙන ආවද එය පාරිසරික සුන්දරත්වය වඩාත් ඉස්මතු කරවිය. තද දුඹුරු වියළි කොළ සහ කඳන් සහිත ගස් පමණක් නොව තද කොළ පැහැති කටු ප`දුරු වැනි ශාක පරිසරයට ස්වභාවික සුන්දරත්වය එකතු කළේය.









                               
              
                 
දෙදිනක නිළ රාජකාරි සංචාරයකින් පසු තෙවන දින යෙදී තිබුණේ රාජකාරී මටට්මේ නිළ හමුවීම් කිහිපයකට සහ වාර්තා සැකසුම් කිහිපයක් ස`දහා ය. එම කටයුතු සියල්ල මධ්‍යහන 12.30 පසු වනවාත් සමගම නිම කළ අප 1.45 ට යෙදී තිබුණු කොළඹ කොටුව දක්වා වූ ශීඝ‍්‍රගාමී දුම්රියෙන් නැවත පැමිණියෙමු. අවසන් වශයෙන්මෙය දින තුනක සොදුරු නවාතැන් පොළක මතක සටහනකි. නැවත ගම් බිම් බලා එන අප තුළ වූ සිතුවිල්ල වූයේ සියළු බැමි බි`ද දා යාපනය ඔබ එනතුරු තවමත් සෙනෙහසේ දෑත් දිගු කොට බලා සිටිනවා යන්න ය.

                


No comments:

Post a Comment