Monday, February 16, 2015

වළාකුළු



          වළාකුළු නිර්මාණය වන්නේ වාතයේ අඩංගු විශ්කම්භය මයික්‍රෝ මීටර 20 – 50 ත් අතර ජල බින්දු හෝ අයිස් අංශු මයික්‍රෝ මීටර 0.1 – 1.0 ත් අතර ඝනීකරණ න්‍යෂ්ටියක් (දැළි, අළු, දූවිලි, ලවණ)වටා එකතු වීම නිසා ය (මේවා විශාල ප්‍රමාණයක් එකුතු වු විට වළාකුළක් සෑදේ) . ජලය අයිස් (ඝන ස්වරූපයට) බවට පත්වන්නේ සාමාන්‍යයෙන් 0 0C වඩා පහත බැසීමෙනි. නමුත් වළාකුළු ඇතිවන්නේ වාතය ඉහළ නැඟ සිසිල් විම නිසා . මේවා ප්‍රධාන ක්‍රියාවලි කිහිපයක් නිසා ඇතිවී වර්ධනය වේ.
·       මතුපිට තලය උණුසුම් වීම නිසා සිදුවන සංවහනය.
·       වාත ස්කන්ධයක් කඳු බාදක හෝ විෂමතා බාධක නිසා එසවීම.
·       කාළගුණික පෙරමුණු ආශ්‍රීතව සිදුවන ඉහළ නැඟීම.
·       අභිසරණය වන වායු ආශ්‍රීතව ඉහල යාම.

මතුපිට තලය උණුසුම් වීම නිසා සිදුවන සංවහනය.

යම් මතුපිට තලයක් තාපවත් වීම නිසා  එය අවට වායුව රත් වී ඉහළ නඟින්නට පටන් ගනී. එසේ ඉහළ නඟින විට පහළ ඇති ඉඩැස පුරවන්නට අවටින් වාතය ගලා . මෙසේ එන වාතය ජල තලයක් නැතිනම් විශාල ශාක වැස්මක් (උත්ස්වේදනය සිදුවන) හරහා එන විට ජලවාශ්ප වාතය සමඟ එන බැවින් රත් වු වාතය ජල වාශ්ප උරා ගනී. මෙය නිරන්තරයෙන් සිදු වන විට එය විශාල ජල වාශ්ප තොගයක් උරා ගෙන ඉහළ නැඟ තව දුරටත් සිසිල් වී  ඝනීභවනය වී වළාකුළු සාදයි.


වාත ස්කන්ධයක් කඳු බාධක හෝ විෂමතා බාධක නිසා එසවීම.

නිරන්තරයෙන් චලනය වන වායුවට කඳු බාධකයක් හමු වු විට එය විනිවිද යා නොහැකි බැවින් කන්ද දිගේ ඉහළට නැඟීමටත් පටන් ගනී. මෙහි දි සිදුවන ඉහළ නැඟීම නිසා වාතය සිසිල් වී එහි තෙතමන ප්‍රමාණය සමඟ ඊට අනුව වළාකුළු නිර්මාණය කරයි

කෙසේ වුවද වළාකුළක් නිර්මාණය වීමට නම් ඉහත සංසිද්ධියට පෙර තවත් ක්‍රියාවලී රැසක් සිදු විය යුතුය. එනම් ඉහත දැක්වු ආකාරයට ඉහළ නැගීමේ ක්‍රියාව සදහා තවත් ක්‍රියාවළි රැසක් සිදුවිය යුතුය. ඒවා නිසි පරිදි සිදු නොවන්නේ නම් ඉහළ නැග සිසිල් වන සෑම වාතස්කන්ධයක් ම වැසි ලබා නොදේ.
          වළාකුළු ඝනීභවනයේ ප්‍රථිඵලයකි. මෙය සිතියම් ගත කරන ක්‍රමවේදයක් ඇත. වළාකුළු, ඒවා පිහිටන උස අනුව වර්ග කෙරේ.

වළාකුළු වර්ග
A.  පවුල - ඉහළ වළාකුළු - අඩි 20000 - අඩි40000
B.   පවුල - මධ්‍යම වළකුළු - අඩි 6000 – අඩි20000
C.   පවුල - පහළ වළකුළු - භූමි මට්ටමේ සිට අඩි 6000
D.  පවුල - සිරස් වර්ධනය සහිත වළාකුළු

පහත දැක්වෙන්නේ වළාකුළු වර්ග කිහිපයකි. විවිධ අයට අනුව වළාකුළු වර්ග ගණන විවිධ වේ. පහත දැක්වෙන්නේ එවැනි සුලබ හදුනා ගැනිමකි.


ඉහළ වළාකුළු

·       කෙඳි වළාකුළු ( cirrus ) Ci


          ජල බිංදු වෙනුවට අයිස් ස්ඵටික වලින් සෑදී තිබේ. සුදු පැහැති වේ. මෘදු පෙනුමක් ඇත. තන්තුමය (කෙඳි) ස්වභාවයක් ඇත. හිරු බැස යන විට දීප්තීමත් වර්ණ වලින් දිස්වේ. වෙන් වු පිහාටුවැනි ස්වරූපයක් ඇති විට  ඒවා යහපත් කාළගුණය පිළිබඳව කැටි වළාකුළු හා බද්ධ වන විට අයහපත් කාළගුණය පිළිබඳව ඉඟියකි.

·       කෙඳි කැටි වළාකුළු ( Crro cumulus) Cc
 
           තැනින් තැන සුදු පැහැති කැටි අර්ධ ගෝලාකාර පෙනුමක් සහිත වටකුරු කැබලි ආකාරයේ පවතී. මෙම වළාකුළු සාමාන්‍යයෙන් කුඩාය. වළාකැටිති සමුහ වශයෙන් හෝ කැබලි / රැළි වශයෙන් පවති.

·       කෙඳි ස්ථර වළාකුළු (Cirrostratus) Cs


          සිහින් සුදු පැහැති (කිරි පැහැති) තීරයක් වැනිය. මෙම වර්ගයේ වළාකුළු වලින් ඡයාවක් නොවැටේ. මෙවැනි වළාකුළකින් සුර්යය දීප්තිය අඩු කළ හැක. මෙම වළාකුළු ලඟ එන කුණාටුවක පෙරනිමිති කියා පාන බව මුලික භූගෝල විද්‍යාව ග්‍රන්ථයේ දී ට්‍රේවෝතා - පින්ච් ඇතුළු කණ්ඩායම පෙන්වා දේ


මධ්‍යම වළකුළු

·       උස් කැටි වළාකුළු (Altocumulus) Ac


          ස්ථරයක් වශයෙන් සකස් වු සමතල කරන ලද වටකුරු වළාකුළු කැදලි . ඒවායේ පිහිටිම රටාවකට අනුව හැඩ ගැසී ඇත. මෙම වළාකුළු වල යටි පැත්තේ නිශ්චිත අඳුරු පැහැයක් ගනී. කැබලි වශයෙන් තිබෙන නිසා කෙඳි කැටි වළාකුළු වලින් වෙන් කර හඳුනා ගත හැක.

·       උස් ස්ථර වළාකුළු (Altostratus) As


          ඝන කෙඳි ස්ථර වළාකුළු වලට සමාන වේ. අළු පැහැතිය. සුර්යයා වසා පැතිරි යතොත් එවිට සුර්යය ආලෝකය කැබලි ලෙස දෘෂ්‍යමාන කරවයි. මෙවා වර්ෂාපතනය ළඟ බව කියාපායි.

පහළ වළාකුළු

·       ස්ථර කැටි වළාකුළු


          වටකුරු කැදලි හෝ වළාකුළු කැබලි වලින් යුතුය. උච්ච ස්ථර වළාකුළු වල මෙන් වළා කැදලි ක්‍රමවත්ව සකස් වී තිබෙන බවක් දැකිය හැක. නමුත් ඒවා විශාල . පෙනුම අඳුරු අළු පැහැයකින් යුතුය.

·       වැහි ස්ථර වළාකුළු

          ගොඩැලි ගොඩැලි ස්වරූපයක් දැකිය හැක. වර්ෂාව ඇති කිරීමට සමත් නමුත් ඉන් අදහස් වන්නේ මේ වර්ගයේ සෑම වළාකුළක් ම වැසි ගෙ ඒමට සමත් වන බව නොවේ. සමහර ඒවායෙන් වැසි ලැබුන තවත් ඒවා වැසි ලබා නොදේ. ස්ථර වළාකුළු වලට වඩා තද පැහැතිය. ස්ථර කැටි වළාකුළු මෙන් ක්‍රමවත් බවක් දක්නට නොලැබේ

·       ස්ථර වළාකුළු



          ධුමිකා වලට සමාන වේ. අළු පැහැතිය. සිහින් පොද වැසි ගෙන ඒමට සමත් වේ.

සිරස් වර්ධනයක් ඇති වළාකුළු

·       සමාන්‍ය කැටි වළාකුළු

          ගෝලාර්ධයක හැඩය ගත් විශේෂයෙන් සිරස් අතට සැලකිය යුතු පැතිරීමක් පෙන්වන වළාකුළ කි. ආලෝකය හා අඳුර වෙන්ව හඳුනා ගත හැක. එනම් මෙම වළාකුළු වල කෙළවර දීප්තීමත් . අකුණු කුණාටු වැහි ඇති කරනු ලැබේ. කවාකාර කිණිහිරි මුදුනක් සහිත . සුර්ය ආලෝකය විනිවිද නොයන තරමට ඝන බැවින් සුර්ය විකිරණය හා භූ විකිරණය පරාවර්තනයේ දී ඉතා වැදගත් කාර්යක්ෂම මෙහෙයක් ඉටු කරනු ලැබේ. දහවල් කාලයේ ගොඩබිම් ආශ්‍රීතව වර්ධනය වේ. සාමාන් කැටි වළාකුළු ලබා දෙන්නේ මඳ වැස්සක් වුවත් කැටි වැහි වළාකුළු බවට පත් වු විට අධික වැසි ගෙන දේ.

·       කැටි වැහි වළාකුළු
මේවා කැටි වළාකුළු වලට වඩා විශාලය. සාමාන්‍යයෙන් වළාකුළු අතරින් වඩා විශාලම සිරස් වර්ධනයක් ඇත්තේ මෙම වළාකුළු වලය. කැටි ස්වරූපයක් ගත්ත ඉහළ දී පැතිර යයි. ඉහළ කිණිහිරි ආකාර හෝ පුනීලයක හැඩය ගනී. මෙවැනි වළාකුළු තුළ සංවහන ධාරා ඇතිවන නිසා වේගවත් සුළං විදුලි හා කෙටිම් සහිත අධික වැහි / අසනි වැසි ඇති කරනු ලැබේ.


 වළාකුළු වල ස්වභාවය හෙළිවන ආකාරයට ඒවායේ නම් යොදා තිබේ.

·       කෙඳි වළාකුළු පිහිටන්නේ අනෙක් වළාකුළු වලට වඩා ඉහළින් (වායු ගෝලයේ ඉහළින්) . අක්‍රමවත්ව විහිදෙන කෙඳි ස්වභාවයක් පෙන්වයි. අයිස් ස්ඵටික වලින් නිර්මාණය වී ඇත.


·       කැටි වළාකුළු ස්වභාවයෙන් ගෝවා මල් ( එනම් එක කැටියකට එකතු වු ස්වරූපයක් දැකිය හැක) වැනි . තනි තනිව පිහිටන අතර උසින් ඒවා එකිනෙකට වෙනස් වේ.



·       ස්ථර වළාකුළු පුළුල්ව පැතිරේ. ඒකාකාරී තිරස් වළාකුළු පටි ලෙස (ස්ථරයක් ලෙස) දිස් වේ. සිරස් වර්ධනය සීමා සහිතය. එමෙන් පුළුල්ව ඒකාකාරී ලෙස පැතිරේ.




1 comment: