දුප්පත් කම කියන්නේ පුදුම තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ
සියළු දුක් දොම්නස් අඩංගු වෙලා තියෙනවා. දුප්පත් කමෙත් වර්ග තියෙනවා. මිනිස්සුන්ට
වගේ ගහකොළ වලටත් සතුන්ටන් එය පොදුයි. මං මෙතනදි කතා කරන්න යන්නේ මානව සංවර්ධයෙදි
කතා කරන දුප්පත් කම ගැන. දුප්පත් කමේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමා බඩගින්න. ඒ
මිනිස්සුන්ට යන්තම් ජීවිතේ රැකගන්න පුංචි කෑම වේලක්වත් නෑ.
මේ පිංතුරේ හොයා ගත්තේ අන්තර්ජාලයෙන්(අයිතිය මුල් අයිතිකරැ සතුය)
මේ පිංතුරේ මෙතනට අමුණන්න හේතුව වෙන්නේ එහි තියෙන සෙනෙහස දුප්පත් කමට උඩින් ගලාගෙන යෑම යි.
මල් වගේ කියන
ළමයි දර ඉපැලි වගේ වේලිලා කුසට ආහාර නැතුව හාමතේ මිය යන ලොකේක ඉදන් ඔබ නොකා වීසි
කරන ආහාර වලට පව් පුරවා ගන්නවා කියලා හිතෙනවා. වෙජිටේරියන්ද නැද්ද කියලා අහන තැන
ඉදන් ඔබේ ආහාර වේල සකස් වෙන්නේ කියක් ජාති එක්කද? නමුත් මේ අපි ජීවත් වෙන ලෝකේ ම තවත් පැත්තක දරැවෝ
පිපාසෙන් පීඩිතව සතෙක් සුළු දිය පහ කරනකොට පොරකනවා ඒවා එකතු කරගන්න. වතුර බීලා
කෝප්පේ ඉතුරැ වතුර ටික වීසි කරන අපියි ඒ
අයයි අතරේ මේ කැරකෙන්නනේ ඇති නැති පරතරය.
වර්ෂ 1990 දී ලෝක ජන සංඛ්‍යාවෙන් මිලියන 2000 (අද ඉන්දියාවේ ඉන්න ජනගහණයට සමාන ගණනක් )ක් පමණ අන්ත දුගී භාවයෙන් පෙළුනා. අන්ත දුගී භාවය කියන්නේ දිනකට ඩොලර්
1 ක් ඉපැයීමට නොහැකි ජනතාවයි. ඩොලර් 1ක් කියලා දැන් තියෙන වටිනාකම් වලට අනුව නම්
රැපියල් 130ක් විතර නේ. මේ වටිනාකම ටිකක් අසාමාන්‍ය උනාට 130 ක් දිනක අදායමක්
ලැබෙන කෙනෙකුගේ මාසික ආදායම බලන්න දින 30කින් වැඩි කළාම එන්නේ රැපියල් 4000 කට අඩු
ගාණක්. දැන් සම්පුර්ණ ජීවිතේම මාසයක් තුළ ජිවත් කරන්න මේ ගාණ ඇතිද? ඇති කියන අය
ඉන්නවාද?
ඒ අය ලංකාවේ අය
නම් මේ ගැනත් හිතන්න. ඔබ තමා පවුලේ එකම උපයන්නා. ලංකාවේ සාමාන්‍ය පවුලක සාමාජිකයන්
ගණන 4ක් . එක් පවුලක් රැකෙන්නේ කොහොම ද මේ වගේ ආදායමකින් (මේ අදායමෙන් ජිවත් වෙන
අයත් ඉන්නවා.)
අනෙක් අතට ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) පෙන්වා දෙන ආකාරයට අනුව ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන
ජනසංඛ්‍යාව 2009 දී මිලියන 925 ක්. 2010
වසර වන විට ඒ සංඛ්‍යාව මිලියන 1023 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ තත්ත්වයට 2008-2010 කාලයේ පැවති ලෝක ආහාර අර්බුදය, ලෝක ආර්ථික අර්බුදය
හා අඩු වැඩි වශයෙන් විවිධ ස්වාභාවික හා සමාජීය විපත් හේතු වී තිබේ. ලෝකයේ ප්‍රධානතම
හා විශාලතම සෞඛ්‍ය ගැටළුව හා එය නිර්මාණය කරන සාධකය වන්නේ කුසගින්න ය. FAO පෙන්වා දෙන ආකාරයට ලෝකයේ සෑම 7 න් 1 අයෙකු නින්දට
යන්නේ කෑමට යමක් නැතිව කුසගින්නෙනි.
විශේෂයෙන් ම
සංවර්ධනය වන ලෝකයේ රටවල සෑම ළමුන් 4 දෙනෙකුගෙන් 1 අයෙක් එනම් ළමුන් මිලියන 146 ක් මන්දපොෂණයෙන් පෙළේ. තුන්වන
ලෝකයේ ජන ගහණයෙන් 16% ක් කුසගින්නෙන්
පෙළෙන ජන කොටසක් වේ.
දුප්පත්කම අහිමි කරනු ලබන්නේ ආහාර පමණක් ම නොවේ. 2011 දී
1) ලෝකයෙන් බිලියන 1 කට සාක්ෂරතාවයක් නැත.
2) ලෝක ජන සංඛ්‍යාවෙන් බිලියන 2.6 කට සිය සනිපාරක්ෂාව සපයා
ගත නොහැක.
3) ලෝක ජන සංඛ්‍යාවෙන් බිලියන 2.6 කට (මේ අතුරින් මිලියන
400 ක් ළමුන් ය) බීමට පිරිසිදු පානීය ජලය නැත.
4) ලෝක ජන සංඛ්‍යාවෙන් බිලියන 1.6 කට විදුලිය නැත.
5) ලෝක ජන සංඛ්‍යාවෙන් අඩක ආයු අපේක්ෂාව වසර 70 ක් වන අතර
අනෙක් අඩෙහි ආයු අපේක්ෂාව 55කි.
6) වඩාත් ම දුඃඛිත තත්ත්වය වන්නේ ලෝක ආදායමෙන් 75 % ක් බෙදා
ගන්නේ ලෝක ජන සංඛ්‍යාවෙන් 20 % කි. ලෝකයේ ඉතාම දුප්පත් 40 % අතර බෙදි යන්නේ ලෝකයේ
සමස්ත ආදායමෙන් 5 % කි.
ලෝක ආහාර
ගැටළුවට බලපාන හේතු දෙස භූගෝල විද්‍යාත්මක බලන විට ඒවා;
- භූගෝලීය සාධක.
- භූගෝලීය නොවන සාධක.
ලෙස වර්ග
දෙකකට ලඝු කර ගත හැකියි.
භූගෝලීය සාධක.
- පාරිසරික දරිද්‍රතාවය (කාන්තාර, ජල සම්පත හිඟ වීම).
- ස්වභාවික විපත්.
භූගෝලීය නොවන සාධක .
- ඉඩම් කැබලි වීම, ඉඩම් හිඟය, ඉඩම් අධි භාවිතය හා මුඩු බිම්.
- තාක්ෂණයේ ඇති හිගතාවය.
- යුධමය හා දේශපාලන ගැටළු.
- ජනතාවගේ ආකල්ප (ඉන්දියාවේ ධවල විප්ලවය වැනි).
- රාජ්‍ය ප්‍රතිපත්ති.
මේ සියළු තත්ත්වයන් එකතුව නිර්මාණය කරනු ලබන ආහාර ගැටළුවේ
පැති තුනක් තිබේ.
- ප්‍රමාණවත් පරිදි ආහාර නිපදවා ගත් නොහැකි වීම.
- ප්‍රමාණවත් ලෙස ආහාර මිලට ගැනීමට ඇති නොහැකියාව.
- ආහාර බෙදියාම කළමණාකරණයට ලක් නොවීම.
මිනිහෙක් සතුටු වෙන්නේ පෝසත්කම (මුදල් ඇති කම) නිසාම
නෙමෙයි, මිනිහෙක් දුක්වෙන්නේ දුප්පත්කම (මුදල් නැති කම) නිසාමත් නොවේ, ගාන්ධි එහෙම කියලා කියලා තියෙනවා.
එත් දුක්වෙන්න මහා හේතු ගොඩාක් මවන්න දුප්පත් කමට පුළුවන්. ඒ වගේම ඒ හේතු නැති
කරන්න මුදල් වලට පුළුවන්. මුදල් වලට ගන්න බැරි ගොඩාක් දේ ඇති. නමුත් දුප්පත් අයට
ඕන ටිකයි. ඒ ටික ගන්න මුදල් මහ ගොඩාක් යන්නේ නෑ.
ඒ අය වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ මොනවාද?
ඉහත දක්වා ඇති දත්ත ලෝක බැංකුවේ දත්ත සටහන් අශ්‍රීතව ලබා
ගත් බව සලකන්න
No comments:
Post a Comment